Thursday, October 29, 2009

කිරි කදුළුවැල්.......


දෑසට පිරෙන කදුළු කැට

සඟවමින් ලෝකයට

හැඩ බලයි විශ්වයෙම

හසරැලි රඳවා

දෙකොපුල් මත.........

ඇසි පිය ගසයි සිය වරක්

නවතන්නට කදුළු ගඟ..............

ඇදව යන මුව කමල

මහා ඉකියක්

දැන් නඟයි දැන් නගයි

සිතෙයි මට.............

නුඹ සිනාසෙයි කදුළු සඟවා

ඉතින්,

නුඹේ ඹය හපන් කම්වලට

සත්තටම මනෙතට උනයි

කදුළු වැල්

යෙහෙළියන් සොයුරියන්

සියළු දෙනම

හිරුටත් හොරෙන් වැඩි,

කිරි අම්මාවරුන්ගේ දනට

ඇරයුම් ලබන්නට

වරම් නොලැබුනු දුකට

නාඩා හිදින්නට බලපන්.............

පින්වත් පුත් කුමරෙක්

වඩියි මුළු ලොවට හොරෙන්

අද හෙටම නු‍ඹෙ කුසට......


(මීට වසර 5 කට පමණ පෙර.............)

කිරි සිනා වැල්...............

සැඟවු කඳුළු වැල්

දෙ‍කොපුල් පෙරා

ගැලුයුරු දුටිමි මම

ළය ගස්සමින්

මහා මේඝයක් මෙන්

නුඹව වෙව්ලා ගිය යුරැ

බලා හිදිමි මම

ඉකි බිදිමින් නුඹ හඩයි

දරාගත නොහැකිව

හඩමින් සිනාසෙයි

ඉතින්මම සැනසීමි..........

ශේෂ වන්නට ඉඩ තියන්

ඔය හසරැලි බිදක් හෙටටත්

අවැසි වනු අැත නුඔට

වසර දහ හතරකට පසු

අදහා ගන්නටත්

නොහැකි ලෙස

නුෙඹ් පාළු කුසට

වැඩි පුත් කුමරුන් සමගින්

සිනහ නගන්නට.......

බලා හිදිනු මැන

සාර මසකින් පසුව

කිරි සිනා වැල් රැගෙන

වඩින තුරු කිරි කැටි කුමරු ........

(2009.06.08 වන දින වනවිට........)







Tuesday, October 27, 2009


මාවතේ දරුවනේ....

දුක් විදින ගිලන් හිත
පතයි සුවපත් හෙටක්
යට ගිලුනු බොඳවු නෙත්
යදියි පැහැපත් ලොවක්

අත පපා දනන් හට
අල්ලකට පතන්නේ
අදක් නැති නුඹෙ නමට
හෙටක්මද දරුවනේ

කර අව්ව ඉපල් කල
ඇඳිවතින් එන සුවඳ
දුහුවිලි පැහැයෙන්ම පා ලු
පාවරණ හැඩ නොවෙද?

දෙමාපිය රැකවරණෙ
නැති කමට අසරණව
විදි දුකට තිතක් නුඹ
දෙනවාද සොහොයුරුට

තරඟයට දුවන ලොව
බලා නුඹ තනන්නේ
මාවතින් මාවතක්
එළි පෙහෙළි කරන්නද?

Wednesday, September 16, 2009

මම කව්ද?.........


සෙනෙහස රැදි මුවඟට
කරැණාබර දෑසට
නුඹෙ ආදර සුවදට
ඉව කරයි මගේ සිත
දෙනෙතට උනන කදුළු
යන්නට නොදි පිටට
අසීරු වු වෑයමක
තවමත් යෙදෙමි මම
ආසයි දිව එන්න
ඔබේ තුරුලට වෙන්න
ඒත් ඔබ දුර ගිහින්
සිතා ගත නොහැකි ලෙස
නොඉල්ලමි අයිතියක්
නොරිදවමි නුඹේ සිත
සිතන්නේ කෙලෙස මා
මා නුඹේ නොවන වග
සිත නම් නොඅදහයි
නුඹේ මේ වෙන් වීම
කිසිදු වරදක් කළේ නෑ
අම්මෙ කිසි දාක
ආසයි මමත් ‍හිනැහෙන්න
මව් පිය සෙනෙහෙ සිත පුරා විඳ ගන්න
නමුත් නොහඬා ඉදින්නමි
නුඹට දොස් නොපවරා
සහනයක් වේ නම් නුඹට
යන්නද අම්මේ මා
නුඹෙන් ඈත්ව බොහෝ දුරතට
..........

Sunday, August 30, 2009


පළමු දිගහැරුම
“සසුන් මචං..... මේ අහපං ........උඹ මොකද ටික දවසක ඉදලා මූඩ් ගහලා......... “යැයි කීවේ පහන්ය.
ඔහු මගේ මිතුරාය. මිතුරා කීවාට ඔහු මම සහෝදරයෙකු සේය.එක මවකගේ කුසින් බිහි නොවුනත් මගේ ජීවිතයේ බොහෝ දේ දත්,දුක සැප බෙදා ගත් , සෙවනැල්ලක් සේ නිරතුරු සිටිනා ඔහු “සහෝදරයා” ලෙස සිතීම වැරද්දක් නොවේ යයි මා සිතමි.
“ නෑ කොල්ලෝ මගේ ඔළුව රිදෙනවා” වෙලාවෙන් මගාරින්නට සිතා මම හිතාමතාම බොරුවක් ගෙතීමි.
“ මේ මේ බොරු කියවන්න එපා මම දැක්කා උඹට මල් හී සැරයක් වදිනවා.ඇත්තටම සසුන් ඒක උඹට වැදුනද කොල්ලෝ....” පහන් එවර මාව විහිළුවකට ගත්තේය.ඒ කියන්නේ නිවර්තනාගේ වෙනස පහන්ටත් තේරිලා වගේ.
“මට ඇත්ත කියපං ….සසුන් ඒකි උඹ දිහා බලනවා වැඩියි වගේ හිතෙන්නේ නැද්ද?ඒක ඔයාට නොතේරුනාට දකින අයට නම් තේ‍රිලා තියෙන්නේ......... ”පහන් එක දිගටම කියවා ගෙන යයි.
“නෑ පහන්...... එයා හොඳ යාළුවෙක්. ඊයේ මට හමුඋනා අපේ පුංචි අම්මලගෙ ගෙදරදි.ඊයෙ එහෙ පිරිතනේ පහන්.මම එක්ක ටිකක් වෙලා කතා කළා. ඒක වෙන්න ඇති එයා බලන්න ඇත්තේ.......අනික අදුරන කෙනෙක්ගෙ දිහා බලන එක කොහොමද නරක දෙයක් වෙන්නෙ........”මම දිගටම කියවාගෙන ගියේ මේ කථාව මෙතනින්ම අවසන් කිරීමේ අවශ්‍යතාවය නිසාවෙනි.
“ආ.......... දැන්නේ බළලා පැන්නේ මල්ලෙන් එළියට ....ඔහොම යං ..... ඔහොම යං.........”පහන් එසේ කීවේ මදෙස සැකමුසු බැල්මක් සහිතව උවද ඔහු මා සැක නොකරන බව මා දනිමි.
“හරි හරි අළුත් යෙහෙලියව බේරනවා.කමක් නෑ කොල්ලො පරිස්සමෙන්...හිත ගිය තැන මාලිඟාව කිව්වලු නේ....”
පහන්ගේ වදන් වලින් ගැලවී යන්නට මා දැරූ තැත ව්‍යර්ථ වු බව මට දැනුනද මා එය ගණනකට ගත් වගක් නොපෙන්වීමි.
“පහන් උඹ දන්නවනේ මගේ ජීවිතයේදී මම ආදරේ වගේ මාතෘකාවකට කවදාවත් කැමති නෑ කියලා........ඒක නිසා මම ගැන එහෙම හිතන්න එපා බං”
මම අවංකවම මගේ සිතට ආ සිතුවිල්ල වදන් වලට ගැලපීමි.
“මට සමාවෙයන් මචං ඇත්තටම උඹ ඒ කෙල්ලව බේරලා කථා කරද්දි මට හිතුණ‍ා එහෙමවත්දෝ කියලා......”පහන් පසුතැවිලි හඩින් පැවසුවේය.
“නෑ බං කවදාවත් නෑ........” යි පැවසු මා සුසුමකින් සිත සැහැල්ලු කර ගනිමින් මඳ සිනාවක් පෑමි.
“ඔහොම හිනා වෙන්න එපා බං කොල්ලො .කොල්ලෙක් උනාම ටිකක් තද වෙන්න ඕන.උඹ අහිංසක වැඩියි...” පැවසු පහන් මා දෙස බැලුයේ අනුකම්පා සහගත බවකිනි.
“හරි හරි පාඩම් වැඩ ටික කරමු.මම යනවා බුදු සරණයි .අර ව්‍යාපෘති වාර්තාවෙ පොටෝස් ටික ගන්න යන්න මම එනවා.හවස ආපසු හමු වීමේ පොරොන්දුව පිට මම නිවස දෙසට පියනැගිමි.
ෙදවන දිගහැරුම
නිවසෙහි දොර වසා ඇති බව ඈත තියාම දුටුවෙමි. මනෙතට කදුළු නොනැගුනත් අද දහවලට බඩගින්නෙහි සිටීමට සිදුවන බව මට වැටහුණි. ළිඳට ගිය මම බඩ පිරෙන තුරු වතුර බීවෙමි. කරන්නට දෙයක් නැත. මා අතේ බිස්කට් පැකට්ටුවක් ගැනීමට තරම් වත් මුදලක් නැත. අමාරුවෙන් ඉතිරි කරගත් රුපියල් දෙසීයක මුදලක් මා අත ඇත. නමුත් එය වියදම් කලොත් පාසැල් ව්‍යාපෘති වාර්ථාව සකස් කිරීමට මුදල් මදි වනු ඇත.උදේට කෑ පාන් පෙත්තත් දහවලට ගත් වතුර බඩත් නිසා දවස ගෙවීමට අපහසු නොවනු ඇත.
“......ජීවිතය මෙහෙමයි දරුවනේ, .. කරදර එද්දි එක පිට එක එනවා.ඒත් ඒ කරදර වලදි අපි ඉක්මන් වෙන්නට හොඳ නැහැ.නිසොල්මනේ බලා හිඳීමයි කළ යුතු වෙන්නේ...... ටිකක් හිතන්න ළිදක් උනත් කැළැතුනාම කිසිම දෙයක් පැහැදිලි නැහැ.පෑදෙන්නට දෙන්න ඕනි. එතකොටයි අපිට වතුර ටික පිරිසිදුව ගන්න පුළුවන් වෙන්නෙ.දරුවනේ...... හැමදෙනාටම ප්‍රශ්ණ එනවා. අර ළිද වගේ තමන්ගේ ජීවිත වලටත් පෑදෙන්න ඉඩ දීලා බලා‍ගන ඉන්න.ඊට පස්සෙයි යමක් හිතලා කරන්නට ඕනෙ.........”කන්දෙ විහාරෙ ලොකු හාමුදුරුවන් වහන්සේ කියපු වදන් ටික මට ආයෙ ආ‍ෙය ඇහෙන්නට වගේ දැනුණා.
මගේ ජීවිතේම ප්‍රශ්ණ ගොඩක්. අනිත් අයට වගේම මට මගේ අම්මා තාත්තා හි‍ටිය‍ට එයාලගෙ ජීවිතයේ මාව ගොඩක් වැදගත් කෙනෙක් නෙවෙයි කියලා මට හිතුනෙ තේරෙන්න ගත්ත දා ඉදලමයි.මගේ පවුලෙ සහෝදර සහෝදරයින් දෙදෙනෙක් සිටියත් අක්කටත් අයියටත් ලැබුණු සෙ‍ෙනහස ආදරය මට ලැබුණෙ නෑ කියලා මට තේරුණත් නොතේරුණා වගේ ඉන්න මම උත්සාහ කළා .ඒ තවත් මේ හිතට දුක පුරව ගන්න තිබුණු අකමැත්ත නිසාමයි.ආදරය කියන දේ මට මුලින්ම අහිමි වුනේ මගේ නිවස ඇතුලතදිමයි.පාසලටත්,මගේ කාමරයටත් එහා මම වෙනත් ලෝකයක් ගොඩනඟා ගන්නත් බය උනේ ඒ නිසාම වෙන්න ඇති. එකම අම්මෙක්ගේ බඩින් ඉපදුනු අයියත් අක්කත් විදි සෙනෙහසට මම ඊර්ෂ්‍යා නොකළත් මම ගැනම ලොකු දුකක් දැනුණා. දෙවියනේ මම මොකක්ද මේ අයට කරපු වැරැද්ද?මට ඒක හිතා ගන්න බැරි උනා.පිට මනුස්සයෙක්ට මාව තමන්ගේ දරැවෙක් කියලා අදුන්වල‍ා දෙන්න බැරි නම්, සමාජය ඉදිරියට මාව ගෙනියන්න බැරිනම්, ඇත්තටම මේ බැදිම මොකක්ද කියලා මම සිය දහස් වාරයක් මගෙන්ම ඇහුවා.ඒත් ඒක කාගෙන් අහන්නද ලැබෙන සැනසීම මොකක්ද කියලා මම හිතලම හිත හදා ගත්තා.මේ නිසාමයි ඉඩක් තියෙන වෙලාවට පන්සලට ගිහින් නිදහසේ ‍ෙබා්ධීන් වහන්සේ දිහා බලා ගෙන ඉදලා හිත සැහැල්ලු කර ගන්නෙ.ඇත්තටම නිසොල්මනේ සෙලවෙන බෝ කොළ වලින් හමන සිසිල් සුළඟ මගේ හිතට එක් කරන්නේ කියා ගන්න බැරි තරම් ශාන්තියක්.මගේ හිතට ඕන උනේ සැනසිම.ඒත් ඒ වෙනුවෙන් කුමක් කළ යුතුදැයි මට හිතා ගන්නට බැහැ.
පුංචි කාලෙ ගෙවිලා ගියා.යන්තම් තේරෙන වයස එද්දි තමයි දැන ගත්තෙ මම ඉපදුනාට පස්සෙ අපේ තාත්තගෙ වෙළදාම් කටයුතු ගොඩක් අඩාළ උනු බව.ඒ හැමදේකටම හේතුව මගේ අවාසනාවන්ත කම කියලා තාත්තා විශ්වාස කරනවලු. අන්න ඒ හේතුව නිසයි මට පවුලෙ අයගෙන් ලැබෙන්නට ඕන සෙනෙහස ආදරය පිළිගැනීම නොලැබී ගිහින් තිබුනෙ.ඒක එයාල‍ෙග හිත් වලින් ඉවත් කරන්නට මට පුළුවන් උනේ නැහැ.ගොඩක් දවස් වලට විශේෂ ගමන් යනවා නම් එදාට මම ගෙදර තනියම ඉන්නට සිදු උනා. අනිත් අය ලබපු සතුට ලබන්නට ආශාව තිබුණත් මම නිශ්ශබ්දව සිටියා.එ සමහර දවසට කුස්සියේ ඉතිරි වී ඇති දෙයකින් වේල පිරිමහ ගන්නට මම පුරුදු උනා.අදත් ඒ වගේ දවසක්....දෑසට ඉනු කඳුළු බිඳු ඔහේ නිදහසේ පහළට ගලන්නට ඉඩ හැරියෙ මගේ කදුලකට දුක් වෙන්නට තියා මුසල කමට අඩන්න එපා යැයි කියන්නට වත් කෙනෙකු නිවස තුළ නොසිටි නිසයි.
“සසුන් ඇයි ඔයා ‍ෙගාඩක් දුකින් වගේ. හැමදාම ඉන්නෙ ලොකු කල්පනාවක.”ඒ හඬ ආවෙ මගේ ආසන්නයෙන්මයි. එතකොටයි මට මතක් උනේ මම ව්‍යාපෘති වාර්ථාවට අදාළ ඡායාරෑප ටික අතේ තියා ගෙන වෙතත් කල්පනාවක සිටි බව. හිතට පුංචි ලැජ්ජාවක් ආවත් මම ඒ වගක් නිවර්ථනාට පෙන්නුවෙ නැහැ.
“ අනේ නෑ නිවර්ථනා ..... ‍ෙමි ‍ටික අමුණන්න ඕන තැන් ගැනයි හිතුවෙ.” මම කීමි.
“එහෙම නම් තමක් නෑ ඒත්.....සසුන් මට හි‍ෙතනවා ඔයා ගොඩක් දුකින් ඉන්‍ නෙ කියලා.........”නිවර්ථනා පැවසුයේ මගේ නෙත් දෙස එක එල්ලේ තියුණු ලෙස බලමිනි.ඇයගේ දෑස් මගාරින්නට එවෙලේ මම අසමත් වීමි.
“ප්‍රශ්ණ නම් කාටද නැත්තෙ නිවර්ථනා. දැන් බලන්න මේකත් කොච්චර ලොකු පූශ්ණයක්ද?’’මම බැරැරුම් ස්වරෑපයක් ආරෝපනය කරගනිමින් කීවෙමි.
“මොකක්ද සසුන්?” නිවර්ථනා ඇසුයේ නොඉවසිලිමත් හඩිනි.
“මම කිව්වෙ මේ ව්‍යාපෘති වාර්ථාව ගැන.” මම කීවේ සිනහවක්ද මවා ගනිමිනි.මා තුළ ඇති දුක් කන්ද වෙනත් කෙනෙකු දැන ගන්නවාට මම අකමැති වීමි.එය මගේ මට මදි පුංචි කමකි.කිසිවකු මට අනුකම්පා කරනවාට මම කැමති නැත.මහිත බොහෝ ශක්තිමත්ය.කවදා හෝ මගේ ජීවිතය ජය ගැනුමට මේ ඇති ශක්තිය ඔනාවටත් වඩාය.ඉතින් යහළුවන් ඉදිරියේ මම සිනහ වීමි.
“අනේ යන්න.....කමක් නෑ මම ඔයාට වදයක් වෙන්නෙ නෑ.ඒත් ඔයා ලොකු ප්‍රශ්ණෙක ඉන්න බව නම් හොදටම තේරෙනවා.ඹයා හිනා වෙලා හිටියට මුණෙන් හංගන්න බෑ ඒ බව. සසුන් මට නොකිව්වට කමක් නැහැ. ඒත්……… අඩුම තරමෙ පහන්ටවත් කියන්න. ”නිවර්ථනා එක දිගට කියාගෙන ගියාය.
කණ්ඩායම් ව්‍යාපෘතිය නිසා අපි බොහෝ සමීප වූ බව සැබෑය.මිශ්‍ර පාසලක අධ්‍යාපනය හැදෑරූ අපට නිවර්ථනා හමුවුයේ මීට වසරකට පෙරය.ඇය උසස් පෙළ හැදෑරීමට අපේ විද්‍යාලයට පැමිණි ශිෂ්‍යාවකි.මුලදී ඇය හා මා අතර විශේෂ කථා බහක් නොවුනද ඇය කණ්ඩායම් ව්‍යාපෘතිය සදහා අප හා එක් වීමත් සමග බොහෝ සේ හිතවත් වීමු.කොහොමටත් උසස් පෙළ පන්තියේදී ගැහැණු ළමුන් පිරිමි ළමුන් කිය‍ා වෙනසක් තිබුණේ නැත.නමුත් ඒ කෙටි කාලය තුළ නිවර්ථනා මාව මෙතරම් විනිවිද ගිය බවක් මම නොසිතුවෙමි.මට කිමට අමුතු දෙයක් වදන්වලට ගලපා ගත නොහැක.කෙතරම් උත්සාහ කළද නිවර්ථනාගෙන් මගේ මුහුණ සගවා ගැනිමට මම අපොහොසත් වීමි.
“අපි යමු නිවර්ථනා ......”මම කීවේ ඉනුත් ටික වේලාවකට පසුවය.
“මට සමා වෙන්න සසුන්.ගෑනු ළමයෙක් විදියට බැලුවොත් මම ඔයාගෙන් මෙහෙම අහන එක වැරදියි.මම අදින් පස්සෙ ඔයාගෙන් අහන්නෙ නැහැ. ඒත් ඔයාගෙ පුද්ගලික ජීවිතේ ගැන මෙහෙම අහපු එක වැරදියි කියලා මට දැනුයි තේරෙන්නෙ.ම..ට මට... මට.. සමාවෙන්න සසුන්. මම ගැන වැරදියට තේරුම්... ග..න්..න... එ..පා....මම යන්නම්..... ඔයාට බුදු සරණයි......”
කී නිවර්ථනා මා දමා ඉදිරියට දිව ගොස් අපේ අ‍ෙනක් කණ්ඩායම හා එක් වූවාය.
සිව්වන දිගහැරුම

සසුන් ව්‍යාපෘති වාර්ථාවේ විදියට ගම් මඩු උළෙලක් තියෙනවා .ගියා නම් අන්න කොල්ලෝ වැඩේ ගොඩ.මොකද කියන්නේ....? පහන් ඇසුවේ අපි කණ්ඩායමේ සියළු දෙනාම එක්ව සිටි මොහොතකය.නිරාශා, සුපුල්, නදිති ,තනුජ් නිවර්ථනා ආදී සියළු දෙනා එහි වුහ.
“යමුකෝ මම අහල තියෙනවා හරි ලස්සනලු අනේ දේව තෙ‍ාවිල් නටද්දි” නදිති කීවේ ඇයගේ කැමැත්ත ප්‍රකාශ කරමිණි.
“අනිත් අය මොකද කියන්නේ...... ගෙවල් වලින් අවසර ගන්න පුළුවන්ද?” පහන් කථා කරන්නේ කටයුතු සියල්ල කලින් සැළසුම් කළා සේය.
“හරි එහෙනම් නිවර්ථනා අපි එනවා හෙට හවස.ඔන්න අපිට හොදට සලකන්න ඔන්න හරිනේද?“
නදිති ඇසු දෙයින් මා පුදුම වීමි.නමුත් දැන් මගාරින්නට නොහැක.එහෙත් එදා සිදු වීමෙන් පසු නිවර්ථනා මා හට වෙනදා මෙන් මුහුණ දෙන්නේ නැත.එය මගේ සිතට දුකක් එක් කරන්නක් විය.නමුත්එය මට නිවර්ථනාට කිව නොහැකිය.කෙසේ හෝ මමද මෙම ගමනට එක් විය යුතුය. එසේ සිතා මම ගමනට එක් වීමට සිතා ගතිමි.
දින දෙකක් පුරා දෙවොල් මඩු උළෙලට සහභාගී වීම හා නිදි වැරීම නිසා දැණුනු මහන්සිය අඩු වුයේ නිවසට පැමිණ ‍හොඳ නින්දක් ලැබීමෙන් පසුවය. නමුත් ව්‍යාපෘති වාර්ථාවට අදාළ දේ ඉතා හොඳින් කර ගැනිමට හැකි වුවත් වෙනදාටත් වඩා මහිත ගිලන් වු බවක් මට දැනේ.නිවර්ථනා වෙනදා මෙන් මා හා කථාබහ නොකළාය.එය මා බලාපොරොත්තු නොවූවකි. නමුත්ඇය අන් අයට සේම මා හට ද සැලකුවද වෙනදාට නොමැති මහා පාළුවකින් මා වෙලා ගෙන ඇති සෙයක් දැනේ. දෙවියනේ මේ මොකද වෙන්නේ....
මට මොකද වෙන්නේ නිවර්ථනා මම එක්ක කතා නොකළට......එසේ සිතා සිත හදා ගැනිමට මම උත්සාහ කලෙමි.......කුමක් කළද නිවර්ථනා සිතට එයි. අනිත් අය එක්ක සුහදව කථා කරන ඈ මා දුටු විට හිස පහත් කර ගනී.දෑස් අගින් මදෙස බලා ඉවතට නෙත් හෙලයි.මමද වරක් දෙකක් බලා සිටියමි. අවසානයේ ඇය පැරදුනාය. මදෙස බලද්දීම මම මනෙත් වලින් ඇයව අල්ලා ගත්තෙමි. ඇය තිගැස්සී ගියාය.
“නිවර්ථනා ඔයා මොනවා හරි ප්‍රශ්ණෙකද? “ඇසුවේ පහන්ය.අප කාගෙත් නෙත් එදෙසට යොමු විය.
“න්......නෑ ඇයි එහෙම ඇහුවෙ?”ඇය පෙරළා ඇසුවාය
“නැත්නම් කමක් නෑ.....”
“ඒත්....ප්‍රශ්ණයක් තියෙනවා නම් හැමෝම අදාළ අංශ එක්ක කථා කරල ඒව විසදා ගන්න එක හොදයි.මේ විභාගෙ ළං වෙද්දි පිස්සු නටන්නෙ නැතිව..... ”
පහන් කීවේ තොප්පිය හරිනම් දා ගත්තට කමක් නෑ කියන්නාක් මෙනි.මම එක්වර නිවර්ථනා දෙස බැලීමි.ඇය බිම බලාගෙනය.ඉන් පසු අප ඇයගේ නිවසින් එන තුරැම ඇය මා හට මුහුණ නොදුන්නාය.මමද ඇයව හැකි තරම් මඟ හැර සිටීමට උත්සාහ ගතිමි. කල්පනා කරමින් සිටියදී නැවත මට නින්ද ලගා වන්නට ඇත.

පස්වන දිගහැරුම
පසු දින උදෑසන අමතර පන්තියට ගියද යහළුවන්ගෙන් පැමිණ සිටියේ නිරාශා පමණකි.
“කෝ..... අද අනිත් අය? ”අසමින් මා ඇය අසළට ගියෙමි.
“අනිත් අය නම් එයි.... නිවර්ථනා ඇරෙන්න”
“ඇයි ඒ........එයාට මොකද වෙලා තියෙන්නෙ...... ”දෙවරක් නොසිතා මම ඇසීමි.
“මන්දා සසුන්.... එයා මොකුත් කියන්නෙ නැහැ....ඒත් මොකක් හරි දුකක් හිතේ තියන් ඉන්නවා....අද පන්ති එන්නෙත් නෑලු.පව් හොදට වැඩ ටික කරගෙන ආපු කෙල්ල..... ”ඇය කීවේ සෙමින් නමුත් දුක්බර විලාශයකිනි.
“ඔයා හේතුව ඇහුවෙ නැද්ද?”
“ඇහුවා...... මොකුත් නෑ කියලා කියන්නෙ”
පන්තිය අවසන් වීමෙන් පසු මා නිවර්ථනාගෙ නිවසට යෑමට තීරණය කළෙමි.මම නිවසට යන විට ඇය පෙනෙන්නට නොසිටියාය.ඇයගේ නැගණිය මා දුටු විට ඉදිරියට ආවාය.
“සසුන් අයියා මේ කොහේ යන ගමන්ද? ”
“වැඩකට යන ගමන් අක්කට පොතක් දෙන්න ආවා යි” කී මම
“අක්කා නැද්දැ”යි ඇසුවෙමි.
“අක්කා........ මේ යාළුවෙක් ඇවිත්........”
ඇය මා දැක පුදුම වූවාය
“ඔයා මෙහේ ........ ඇයි? ”විමතිය ඉවත් නොවුනු දෙනෙතින් යුතුව ඇය මගෙන් ඇසුවාය.
වෙනත් යහළුවකු ද නොමැතිව මෙවැනි ගමනක් එතැයි ඇය නොසිතන්නට ඇත.
“අම්මලා කෝ” මම ඇසීමි.
ගෙදර කව්රුත් නෑ.....
මම ඇය දෙස බැලීමි.දිගට ගෙතු කොන්ඩ කරල අතෙහි පටලවමින් ඇය තවමත් කල්පනා කරයි.
“මොකද වෙලා තියෙන්නේ......ඇයි පන්ති නාවෙ......... ”
මෙතෙක් වේලා සිරකරගෙන සිටි ප්‍රශ්ණය මම අමාරුවෙන් පිට කර ගතිමි.ඇය විමතියට පත් දෑස් ඔසවා මදෙස බැලුවාය.සසුන් වෙනදා ඇයගෙන් මෙසේ අසා නැත. නමුත් අද සසුන් වෙනස් වී ඇත.
“මොකුත්........... නෑ සසුන් ” නිවර්ථනා ‍ ඉතාම සෙමින් වදන් ගැලපුවාය.
“නිවර්ථනා.............ඇයි.....එහෙනම් ඔයා පන්ති නොඑන්නෙ. මොකක්ද වෙලා තියෙන්නේ.ප්‍රශ්ණයක් තියෙනවනම් කියන්න. ඇයි මටවත් කියන්න බැරි.”
මට එසේ කියැවිණි.දෙවියනේ ඇයි එහෙම කියවුනේ.නිවර්ථනාගෙ ජීවිතයේ හැමදේම මට කියන්නට අවශ්‍යද? එවර ඇය එක එල්ලේ මා දෙස බැලුවාය.කම්මුල් තෙමා ගෙන වැටුණු කදුළු බිංදුවක් පිසලු ඇය හරි අපුරු සිනහවක් පෑවාය.
“පිස්සුද......හිනා වෙන්නේ මෝඩි........”නැගුණු සිනහව මැඩගෙන මම එසේ කීවෙමි.
“මම යන්න ඕන...මම කීමි.”
ඇය මා හා පසු පසින් ආවාය.
පෙර ඇයගේ මුහුනේ තිබූ දුක්බර පෙනුම දැන් නැත.
“නිවර්ථනා ....... පොඩි දෙයක් අහන්නද? ”
“හ් .....ම්...... අහන්න”
“........ඇයි ඔයා මගෙන් අහන්නේ නැත්තේ මගේ දේවල් කියන්න බැරිනම් ඔයාගේ දේවල් මොනවටද කියලා...... ”මෙතෙක් වේලා හිතේ තිබුණු ප්‍රශ්ණය ඇයට ඉදිරිපත් ‍කළ මා ඇය දෙස බලා සිටියේ විභාගයකින් පසු ප්‍රථිපල මුලින්ම බැලීමට සුදානම්ව සිටිනා ශිෂ්‍යයෙකු ‍මෙනි.
“ආදරේ කරන අය එක්ක එකට එක කියන්නෙ නැහැ සසුන්......... ”ඇයට කියවිණි.තවත් මොහොතකින් මදෙස බැලු නිවස තුළට ඇය දිව ගියාය.
“ඒ කියන්නේ නිවර්ථනා ම..ට ම..ට ආදරේ කරනවද? නිවර්ථනා ගැන මට එසේ සිතිය හැකිද? ආදරේ........ මමත් නිවර්ථනාට ආදරේද?”
මම නිවසට යන තුරුම කල්පනා කෙලෙමි.ආදරය කියන්නේ කවදාවත් මට නෙැලැබුනු දෙයක්.ඒත් මේ වගේ දේකින් ආයේ මට දුක් විඳිනන වෙයිද?අනික අපි තවම ඉස්කෝලෙ යන ළමයි. කොහොමටවත් මේ වගේ දේවල් නිසා අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්න බැහැ. ඒත් ජීවිතේ මුලින්ම කෙ‍නෙක් මට ආදරය කරද්දි ඒ ආදරේට පයින් ගහලා ඉවත බලා ගන්න තරම් හිතක් මට නැහැ. කොහොමටත් මටත් නිවර්ථනා නොදැක ඉන්න බැරි මමත් එයාට ආදරේ කරන නිසා තමයිකියලා මම මගේ මෝඩ හිතට කියලා දුන්නා.හිතට අළුත් ප්‍රශ්ණයක් , බරක් උනත් ආගන්තුක සතුටකින් මුළු හිතම පිරිලා ගියා. මම ගෙදරට ගොඩ උනේ ඒ සතුට හිතේ පුරෝ ගෙනමයි.ඒ නිසා වෙනන් ඇති තාත්තා දොරකඩින් එළියට බහින්න එනවා මම නොදැක්කෙ.
“චිං..... මුසල කමට ආවා... නොදෝකින් විතරක්” මා දුටු විටම මුහුණ විරූපි කර ගත් තාත්තා නැවත ගෙඩ ගියේ අඩි පොළොවේ හප්පා බැන වදින ගමන්මයි.
මෙතෙක් වේලා සිතේ තිබු සතුට පලා ගියා වගේ දැනුණත් මෙවැනි දේවල් දරා ගන්නට මම පුරුදු වී සිටි නිසා සුසුමකින් ළය සැහැල්ලු කර ගත් මම කැමරයේ දොර වසා ගත්තා.
පාන්දරම “සිප් සයුර” ට යද්දි දුටු දසුනන් මසිතට බොහෝ සතුටක් දැනුනා.නිවර්ථනා වෙනදා මෙන් පන්තියට ඇවිත් සිටියා. විභාගය ඉතා ආසන්නයට පැමිණි තිබු නිසාවෙන් මම නිවර්ථනාට ආදරය සම්බන්ධ කිසිවක් පැවසීමට උත්සාහ කලේ නැහැ.නම්ත් අපි අපට ඇස් වලින් බොහෝ දේ පැවසුවා.
“සසුන් ..... ”ඒ පහන්
ඇයි පහන්
“උඹලා දෙන්නා තීරණයක් අරගෙනද දැන් ඉන්නෙ...?”
මම මගේ මිතුරාට සියළුම දේ කීවෙමි.ඹහු මට සුබ පැතුවේය.
“මම දන්නවා උඹ ආදරය නිසා පුංචි කාලෙ ඉදලම විදපු දුක .කොහොමටත් නිවර්ථනා හොඳ කෙල්ල. උඹට වරදින්නෙ නැහැ. මම ඕනෙම දේකට ඉන්නවා. ඒත් කොල්ලෝ විභාගෙන් පස්සෙ හැම දෙයක්ම කරපන්. අංක එක විභාගෙ රජෝ....”

කාලය ගත වූයේ ඉතා ඉක්මනින්ය.අද උසස් පෙළ විභාගයේ අවසන් දවසයි.දුකක් සිතට දැනුනත් නැවත පරිඝණක පාඨමාලාවේදී හමු වන අදහසින් ‍අපි වෙන් වීමු. අපිට සුපුරුදු අරලිය ගහ අසළ නිවර්ථනා නැවතී බලා සිටියාය. ඇයගේ දෙනෙත් රතු වී ඇත.පාසලට සමු දෙනදවසේ හෙමදෙනාටම එක සේ දුකය.මම ඇය අසළට ගියෙමි.ඇය පරවී ගිය අරලිය මලක් අතෙහි තබා ගෙන උන්නාය.
ඇයි ...... පර වෙච්ච මලක් අතේ තියා ගෙන මම ඇසීමි
මේ මලත් හරියටම මගේ ජීවිතේ වගේ
ඇයි ඒ...... කිසිවක් සිතාගත නොහැකිව මම යලිත් ඇසීමි.
අදින් පස්සෙ මගේ ජීවිතෙත් කිසිම බ..ලා..පො..රො.ත්.තු.ව.ක් නැහැ.ඒකයි එහෙම කිව්වෙ.
නිවර්ථනා කියද්දි ඇගේ ඇස් වලට අළුත් කදුලක් එකතු වෙනවා මම දැක්කා හොදින්ම.
ඇයි එ‍ෙහම කියන්නෙ නිවර්ථනා. ඔයා දුකෙන් ඉන්දෙ..ද්..දි මම .......... කියු මා නිහඬ වීමි.
කියන්න සසුන්.මම දුකෙන් ඉන්දෙද්දි ඔයාට මොකද වෙන්නේ.මොකුත් වෙන්නේ නෑ.වෙනවා නම්අද මම මෙහෙම අඩන්නෙ නෑ.ස..සු...න්...ඔයා යන්....න. මම... මම...නරක කෙනෙක් නෙවෙයි නේද ස..සුන්... අන්තිම වතාවට එ‍ෙහම වත් කියන්න.මම යන්නම්.යන්නම යනවා අද..ආයේ මම ඔයාට පේන්න එන්නෙ නෑ සසු..න්. කී නිවර්ථනා ඉකිබිඳමින් අඩන්නට වූවාය.
ඇය අඩද්දී මට බලා සිටිය නොහැකිය.අපි නෙත් වලින් බොහෝ ආදරය කළ බව සැබෑය.මමද ඇයට බොහෝ සේ ආදරය කරමි.ඇයට මා ආදරය කරනා තරම් දන්නේ මා පමණකි.නමුත් මා දුක් විදිනා තරම් දන්නේ මා පමණකි.තවත් වරක් මගේ ජීවිතයට දුතත් ලං කර ගැනුමට මම බිය වීමි.එසේ උවහොත් මට මගේ ජීවිතයම එපා වනු ඇත. සෙල්ලක්කාර කම ජීවිතයට අවශ්‍ය උවද ආදරයේදී සෙල්ලක්කාරයෙකු වීමට මට අවශ්‍ය නැත. ජීවිතයේ මෙතෙක් අත් නොවිදි මගේ ආදරය අද මා අභිමුව සිටියි.මෙතෙක් දවස් මා මුවින් පිට නොකළ ආදරයට ආදරය කරමින් මසිත බොහෝ සේ විඩා පත් වී සිටී.මම නිවර්ථනා දෙස බැලිමි.ඇය තවම හඩයි.මනෙතින් වැටුනු කදුළක් මගේ සපත්තුවට වැටුණි.නිවර්ථනා එකවර දෑස් ඔසවා මනෙත් මතින් තැබුවාය.මා පරක්කු වැඩිය.
ඇයි සසු..න් මේ....ඔයා කවදාවත් අඩනවා මම දැකලා නෑ..... අඩන්න එපා.... ඔයාට අඩන්න හේතුවක් නෑනේ ..... අ..නේ... සසු..න්... අහන්නකෝ...
මම අඩන්නෙ නෑ.මම ඇයි අඩන්නේ මම ඇසීමි. මම කේන්තියෙන් ඇසිමි.ඇය බොහෝ බිය වූවාය. මා ඇයට බොහෝ ආදරය කරනා වග දැන දැනත් ඇය තනිවම දුක් විදියි.මෙසේ විඳවීම දුකකි.මට කේන්ති ඒ නිසාය.
ඔව් ඔයා මොනවටද අඩන්නේ .... ඇත්ත සසු..න්... ඔයාට... මට වගේ දාල යන්න බැරි දේවල් අද නෑනේ...... පැවසු නිවර්ථනා හුන් තැනින් නැඟිට්ටාය.
අපි යමු.... කී ඈ මට ඉස්සර වූවාය.
මට යාමට නොහැක.මම ඇය ඉදිරියට පියමනිද්දී හුන් තැනම හිදීමි.
එ..න්..න ස..සු..න්.....නැවත නිවර්ථනා මා අසලය.
අන්තිම දවසෙ යාළුවෝ ඉන්න තැනට මේ ටික වත් මා.. එක්ක ය..මු. හරි දුක්බර හිනාවක් මුවඟට ලංකර ගනිමින් ඇ කීවාය.
ඇයගේ ආදරය පිරැණු දෑස් දෙස මා බලා උනිමි. ඇයද,මමද මුවින් නොකී ආදරය නිසා බොහෝ දුක් විදීමි.
යන්නම ඕනද? මම කටහඬ අවදි කිරිමී.
ඇය බිම බලා ගත්තාය.
ම්..ම්... කියන්න....
යන්න වෙනවා නේ ස.සු.න්..
යාළුවො ඉන්න තැනට විතරද මා එක්ක යන්න ඕන.... යළිත් මා ඇසීමි.
ඇය මගේ මුහුණ දෙස බැලුවාය.
ස..සු..න්...... ඇය හඬයි.ඉකිබිඳිමින් හඬයි.
ඔව් සසුන් තමයි.කියන්න අද යනවද ඔයාට ගොඩක් ආදරේ කරන මේ සසුන්ව දාල.කියන්න නිවර්ථනා.මම... ම..ම ඔ..යා..ට පු..දු..ම වි..දි..ය..ට ආද..රෙ..යි. ඔයාට මාව දාල යන්න පුළුවන්නමී යන්න.කියු මම ඉවත බලා ගතිමි.ආදරය නමින් විඳි දුක දන්නේ මා පමණකි.
ස..සු..න්... අපි යමු.... නිවර්ථනා කිවාය.ඉතින් මම හැරුනෙමි.ඇය මට ආදරේ නැත.ඇයට ඉස්සර වන්නට ඉඩ දී මම බලා උනිමි.
ස..සුන්....යමු. ඇය කියයි.මට කථා කරගත නොහැත.ඇයට ඉස්සර වන්නැයි මම ඉඟියෙන් පැවසීමි
තනියම බෑ....එකට යමු..... ඇය කියයි. මම ඇය දෙස බැලිමි.මා ආදරය යැයි සිතු බැල්මෙන් ඇය තවම බලා සිටී. එය ආදරය නොව්න්ට ඇත. මම බිම බලා ගතිමි.ඔහොම බලන්න එපා යැයි කීමට මට සිතේ.මම ‍කිසිවක් නොකීමි.
ස..සු..න්..
ම්...ම්...
මාව එක්ක යනව නේද?
ම්.. ම්...
හැමදාම මම එ..ක්..ක..ම.. ඉන්..නවා...නේ..ද?
දෙවියනි ..... මගේ ආදරය මෙය නොවේද?
ඒ කියන්නේ.... ඔයත්.... මට ඉතිරිය කියා ගැනීමට නොහැක.
ඔව් ස..සු..න්... මම ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි........ නිවර්ථනා කීවේ කදුළ උතුරන දෑස් වලිනි.
සත්වැනි දිගහැරුම
ඉතින් අප බෙහෝ පෙම් කළෙමු. අධ්‍යාපනය අවසන්ව අපේම කියා අනාගතයක් ගොඩනඟන අයුරු අප කතා කළෙමු. ඒ වෙනුවෙන් මා බොහෝ වෙහෙසිය යුතු වේ.කවදාවත් නොසිතු අනාගතයක් වෙනුවෙන් මම ඒ දේ කිරීමට සිතා ගතිමි. මසිතෙහි ‍බොහෝ බලාපොරොත්තු ති‍ෙබි. පාසලේ ශීෂ්‍යත්වයකින් ලැබු පරිගණක පාඨමාලාව මා හැදෑරූවේ ඉතා ආශාවෙනි. එනිසාම මෝසතර නිර්මාණ අංශය පිළිබඳව යම් දැනුමක් මා සතුව තිබිණි. ගෙවී ගිය මාස තුනක කාලය තුළ මා දන්නා හදුනන තැනක ඡායරූප ශාලාවක කුඩා රකියාවක් කෙළෙමි. පරිඝණක පාඨමාලාවෙන් ලත් දැනුම හා වැඩ කිරිමෙන් ලත් පළ පුරුද්ද නිසා එම කාර්යය මට අපහසුවක් නොවිණි.
මාස ගණනක් ගෙවු බව මට සිහි වූයේ දැන්ය. පාන්දර ප්‍රවෘත්ති විකාශයේදී විභාග ප්‍රතිඵල ‍පිටත් වු බව කියැවිණි.හිසේ සිට දෙපතුළ දක්වා විදුලි සැරයක් දිව ගියාක් මෙනි. විභාගය මා හැකි තරම් හෙ‍ාදින් කල බව බෑය.නමුත් මින් පසුව මා හට උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවක් ‍ෙනාලැබෙන බව මා දනිමි.මට දුක මිතුරන්ගෙන් වෙන්ව වෙනත් මාර්ගයකට යාමට සිදු වන නිසාය.නමුත් ජීවිතය යනු එයයි. මට ඕනෑම දෙයකට මුහුණ දිය හැක. ඒ ශක්තිය මා තුළ ඇත. මා පාසලට යාමටත් පෙර මඟදී හමුවු යහළුවන් මට සුභ පැතුවේය. මා විභාගය ඉතා හොඳින් සමත් වී තිබුණි.නිවර්ථනා, නදිති ,පහන් විශ්ව විද්‍යාල වරම් ලබා සිටියාය.මට දැනුණු සතුට කියාගත නොහැකි තරම්ය.
ඔයාට ගොඩක් පින්........ නිවර්ථනා කිවාය.
ඇයි ඒ.....
නැහැ සසුන් ඔයා මගේ ජීවිතේට ළං නොවුනා නම් පාඩම් වැඩ වලට මාව උනන්දු නොකළා නම් මම මෙතන නෙවෙයි ඉන්නෙ ඒත් මට දුක ඔයා කැමිපස් එන්නෙ නැති එකයි..... ආදරය පාරුණු හඬින් යුතුව ඇය කිවාය.
ඔයා කැම්පස් යන්න.මම ඔයාට උගන්වනවා.මම දන්නවා ඔයා මට ඉන්නවා කියලා.......මම කීමි.
ඔයත් එන්න...මම තනියම යන්න බයයි.කී ඇය ඔයා බය නැද්ද මාව යවන්න.ඇසීය
මට ඔයාව විශ්වාසයි නිවර්ථනා.මම දන්නවා ඔයා මාව දාල යන්නෙ නෑ කියලා.ඒ ඔයා මට ගොඩක් ආදරේ නිසා. අනික ඔයා මට ආදරේ කරනවට වඩා මම ඔයාට ආදරේ නිසා....ඔ...යා... නැතිව මට ..ඉන්න බැරි වෙ..යි... එහෙම උනොත් මට මැ..රෙ..න්..න හිතෙ..යි... මට කියැවිණි.වෙන් වීමක් ගැන සිතන්නට හෝ මම බිය වීමි.
පිස්සු කථා කියන්න එපා.මම ඔයාව දාල යන්නෙ නැහැ... නිවර්ථනා කී‍විය.
එහෙනම් මම නොයා ඉන්නම්....ඇය ඇසුවාය.
පහන් හා නිවර්ථනාට යාමට සිදුවූයේ එකම විශ්ව විද්‍යාලයට නිසා මසිතට සහනයක් ලැබිණි.
නිවර්ථනාගේ හිත හදා මම ඇයව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීම සදහා යැවිවෙමි. නිවර්ථනාගේ පවුල් පසුබිමට අනුව ඇයගේ අධ්‍යාපනයට අවශ්‍ය පරිදි වියදම් දැරීමට තරම් ඇයගේ දෙමව්පියන්ට වත් කමක් නොවිණි.ඉතින් මගේ ආදරය වෙනුවෙන් ඇයට මම හොඳින් ඉගැන්වීමට ඉටා ගතිමි. දිවා රෑ බැලිය නොහැක.මම මහන්සි වීමි. ඇස් රිදෙන්නට එයි.නමුත් මම වැඩ කරමි.
නිවර්ථනා මේ වන විට දෙවන වසරෙහි අධ්‍යාපනය ලබන්නීය.වෙනදා මෙන් ඇයට මා හමු වන්නට වෙලාවක් නොවේ.විශ්ව විද්‍යාලයට ගිය අළුත ඇයට මම නොදැක සති දෙකකට වඩා සිටිය නොහැක. පැහැර හරින්නට අමාරුම වැඩක් නොවන්නට මම කෙසේ හෝ කොළඹ ගියෙමි.මා ඇයගෙන් වෙන්ව එන්නේ බොහෝ දුනකනි.
ඔයා නිසයි මම තවම ඉගෙන ගන්නේ..........
මා වියදමට අතෙහි ගලි කරනා මුදල ඇයට දෙන විට ඇය එසේ කියන්නේ නෙතට නැඟි කඳුළු පිසලමිනි. ඔයා ඉක්මනට එන්න . හෙඳ රස්සාවක් හොයා ගමු.අපිට ස්ථාවරයක් තියෙනවනම් අපි දිනුම්.මම එවැනි අවස්ථාවල ඇයට කියමි.
යන්න ඕන හෙට නිවර්ථනාව බලන්න.සමහර විට මට යන්න බැරි උන නිසා දුකෙන් ඇති.අතේ වියදමට සල්ලි තියෙනවද දන්නෙ නැහැ.හෙට උදේම කොළඹ යන්නට මම තීරණය කළෙමි.
උදේම සුදානම්ව මා පිටත් වද්දී පුංචි අම්මා ඉදිරියට පැමිණියාය.
පුතේ මම මේ අහන්න කියලයි හිටියෙ.... ඇත්තද අර නිවර්ථනා දුවයි ඔයයි අතරෙයි සම්බන්ධයක් ති‍ෙයනවා කියන කථාව..... යි ඇසුවාය
මෙය මම කුමන වෙලාවක හෝ බලාපොරෝත්තුවෙන් සිටි දෙයකි.
ඔව් පුංචි අම්මෙ ...... මම කීමි. පුංචි අම්මා මට යම් තරමකින් හෝ ආදරය කළ දෙතුන් දෙනාගෙන් කෙනෙකි. ඉතින් මම මගේ ආදරය ගැන හා හා පුරා කියා මගේ වැඩිහිටියෙකුට කීමි.ගෙදරින් නොලැබුණු ආදරය මම පිටින් සොයා ගත්තා,මටත් ආදරය කරන්නට දැන් කෙනෙකු සිටී යැයි යන අහිංසක ආඩම්බරය සිත්හි තබා ගෙන මම බසයට නැඟිමි.
නේවාසිකාගාරය දෙසට යමින් සිටී නිවර්ථනාගේ යෙහෙලියක් මට මඟදී හමු විය.
ආ සසුන්...... නිවර්ථනා අද ආවද? සිනහ මුසු මුහුනින් යුතුව ඇය මගෙන් අසුවාය.
ඇයි නිවර්ථනා කොහේද ගියේ?....පෙරළා මම ඇසීමි.
ඇයි සසුන් අපට සති දෙකක් නිවාඩු ලැබුනනේ.මමත් මේ අද තමයි ආයේ ආවෙ.මම හිතුවෙ නිවර්ථනා ඔයා එක්ක ඇවිත් කියලා. ශකිලා කිවාය
මම වැඩ ගොඩක හිටියේ .සමහර විට ඒක නිසා එයා මට නොකියා ඉන්න ඇති.කී මම ඉක්මනින් එතැනින් ඉවත්ව ගියෙමි.
එතැන් පටන් නිවර්ථනා බොහෝ සේ වෙනස් වන්නට විය.එය මා කෙසේවත් බලාපොරෝත්තු ‍ෙනාවූවකි. මගේ ආදරය දමා නොයන බව මට විශ්වාසය. නමුත් දැන් දැන් සිදුවන්නේ මා කිසිසේත්ම අපේක්ෂා නොකළදේවල්ය.බොහෝ දින වලදි ඇය මා මඟ හැරියාය.ඇයට අවශ්‍ය මුදල් මා තැපැලෙන් යැවීමි.එය මගේ යුතුකමක් ලෙස මම සිතිමි. බොහෝ විට මා හමු උවද ඇය වෙනදා මෙන් සතුටින් සිටී බවක් දක්නට නොවිණි.
ඇයි නිවර්ථනා මොකක්ද ඔයාට වෙලා ති‍ෙයන්නෙ ... ඉවසිය නොහැකි දවසක මම ඇසීමි.
මොකුත් නැහැ සසුන් ..පාඩම් වැඩ කරලා හරිම මහන්සිය අනේ... ඇය කීවේ ඉක්මනින් මාගෙන් සමු ගැනිමේ අවශ්‍ය බව නොකියා කියමිණි.ඉතින් මම ඇයගෙන් සමුගෙන ආවෙමි.
සසුන් ....... නිවර්ථනා ලගදි මුන ගැහුණද? මා මිතුරු පහන් දවසක් මගෙන් ඇසිය.
නෑ එයා විභාගෙට පාඩම් කරනවා... මුහුණ සඟවා ගෙන මම කීමි.
ඇයි එහෙම ඇහුවෙ?මම ඇසිමි.
නෑ කාලෙකින් ඔයා එයාව බලන්න ගියෙ නැති නිසා.පහන් කිය.
යන්නෙ කොහොමද?එයා මාව මඟාරිනවා යැයි මමිතුරාට කිව යුතු උවත් නිශ්ශබ්දව සිටීමි.මට බොහෝ දුක සිතුණි.නමුත් මේ දුක පිටට පෙන්විය නොහැක.
පහන් මා සමග සිටියේය.මට බොහෝ දුක සිතුනි. නිවර්ථනා මා ගැන සොයන්නනේද නැත. මම වෙනදා මෙන් ‍ෙගාස් ඇයට මුදල් දී සිතෙහි දුක පුරවා ගෙන ගමට එමි.ඇය කෙදිනක හෝ මට ආදරය නොකරන බවක් නොකිවාය.නමුත් හමු වු මොහොතේ සිට ඉක්මනින් වැඩ ඇති නිසා යන්නට අවශ්‍ය බව කියමින් මඟ හරිනා බව මට හොඳින්ම දැනේ. නමුත් මම ඉවසිය යුතුය.මේ මගේ ආදරයයි. මෙය මගේ ජීවිතයයි.කිසි දිනක ඇයගෙන් මේ ගැන ඇසිමට මම අදහස් නොකළෙමි.ඒ ඇය මට විශ්වාස නිසාය.
විභාගෙන් පස්සෙ මොකද කරන්නෙ... හමු වු එක් දිනකදි මම ඇසීමි.
තාම ඒ ගැන හිතලා නෑ.අම්මල කියන දෙයක් තමයි. ඇය කීවාය. ඇය දැන් පෙරට වඩා හැඩය. ඇය වෙනදා මෙන් නොව කුමක් හෝ කීමට උත්සාහ කරන බවක් මට දැනේ.ඉතින් මම නිහඬ වීමි.
එතකොට අපේ අනාගතේ......?අම්මල මට අකමැති උනොත් ....?මම ඇසීමි.
දිගු හුස්මක් පිට කළ ඇය එවර මදෙස බලා සිට බිම බලා ගත්තාය.
මම මෙච්චර කල් අම්මල කියන දේකින් පිට කිසි දෙයක් කරලා නැහැ.ඉස්සරහටත් එ‍ෙහම කරන්න බලාපොරොත්තුවකුත් නැහැ යි කිවාය.රිදෙන්නට සිතක් තවත් මා සතුව ඇද්දැයි මට සිතුනි. නමුත් තවම ඇය මගේ ආදරයයි. මම සිනහ වීමි.
යමු.... ඔයාට රැ වෙනවා කි මා බොහෝ පරිස්සමෙන් ඇයව නේවාසිකාගාරයට ඇරලවා බසයකට නැඟුනෙමි.
කුඩා කල සිට මා විඳි දුක් අහවර වී නොමැත. මට කේන්තිය එන්නේ මා සමඟමය.පව්කාර කමට විඳවනවා සිමාවක් නෑ.මට කිසිදු බඩගින්නක් නැත.සති ගණනකින් හරි හැටි කෑමක් මා ගත්තේ නැත.දිගින් දිඟට ආ පපුවේ අමාරුව නිසා පහන් මා වෛද්‍යවරයා වෙත කැඳවා ගෙන ගියේය. ඉලන්දාරියා සෙල්ලම් කරන්නේ තමන්ගේ ජීවිතේ එක්ක. මතක තියා ගන්න.කෑම බීම නොගත්තොත් ලඟදිම හොස්පිට්ල් යන්න වෙයි.
පිටතින් නොපෙන්වු දුක මා විද දරා ගත්තේ මගෙන්ම පළි ගනිමිණි.
මට ජීවත් උනා ඇති වගේ පහන්..... ආපසු එන අතරමඟදී මට ඉබේම කියවිණි.
ඔව් උඔ මැරියන්.එතනකාට හරි යයි.සසුන් නිවර්ථනා අමතක කරපන්. එයා උඹට ආදරේ කරල නෑ. පහන් කීවේ බොහෝ දුක්බර හඬකිනි.
ඇයි පහන් එයා උඹට මුණ ගැහුණද? මොකද කිව්වෙ?මම ඇසිමි.නිවර්ථනා මට හමුවු කාලයක් මතක නැත.
උඹ එයාට කිව්වද එයා නැති උනොත් උඔ මැරෙනවා කියලා...?පහන් ඇසීය
කව්ද .... ක..ව්..ද..උඔට කිව්වෙ? මට කිසිවක් සිතා ගත නොහැක.
එයා කියනවා අම්මලා අකමැති දෙයක් එයා කරන්නෙ නෑළු.එහෙම එකේ උඔට ආදරේ කරලා අම්මල කියන දේකට කැමති වෙන්න උනොත් උඔ මැරෙයිලු.එ‍ෙහම කෙනෙක්ට ආදරේ කරන්න බයයිලු.අනේ මේ අතඇරලා දාපන් බං ඔය බම්බු ආදරේ.... පහන් දැඩි හඩින් පැවසුවේය.
මම කිසිත් නොකිමි.
එසේ නම් මගේ ආදරයද මට මෙ‍හෙම වෙන්න හේතුව.කමක් නෑ නිවර්ථනා ඔයා මට මෙහෙම කලේ මගේ ආදරය වැඩිකමට කියපු දෙයක් නිසා නම් ඔයා හොඳින් ඉන්න.මම හදවතින් කිමි.
ඒත් මම ඔයාට ආදරෙයි.ඒ ඔයා මට ආදරේ කල නිසා. මම මගේ සිතට පොරෙන්දු වීමි.
යහළුවන්ගේ බැනුම් , නිවැසියන්ගේ ඇනුම් පද මැද මා තනිවම නිවර්ථනා ආදරය කරමි. නමුත් ඇයට කරදරයක් වන්නට නොයමි.දුරින් සිට ඇයගේ සැප දුක සොයා මම එමි.එපමණන් සෑහීමට මම පුරුදු වීමි.
මාස දහයක් ගෙවි ගිය වග මට මතක් වූයේ අද ඇයගේ උපන් දිනය බව මතක් වු නිසාය.ඇයගේ විසි එක් වන උපන් දිනය දා මා ඇයව බැලිමට සිතා විශ්ව විද්‍යාලය අසළට ගියෙමි.මට අදහා ගත නොහැකි ලෙස වෙනදා අප හමු වන තැන නිවර්ථනා බලා සිටීන්නිය.දෙවියනේ ..... මට කියවිණි.
...වැරදියට හිතන්නෙපා නිවර්ථනා අද උපන් දිනේ බව දැන දැන මට ගමට වෙලා ඉන්න බැරි උනා.ඔයාට සුභ උපන් දිනයක් .... මම කීමි.මගේ සිතේ ආදරය තිබුණද මම ඇය‍ට කරදර නෙ‍ාකළෙමි.ආදරය යනු හිඟා කා ඉල්ලිය යුතු දෙයක් නොවේ යැයි මා සිතමි.සෑම දුකක්ම සිතේ තිබුණාවේ.
මම දන්නවා අද ඔයා එනවා කියලා....නිවර්ථනා කිවාය.
ඒ කොහොමද? මම ඇසිමි.
මට ආදරේ කරපු කෙනා ඔයා නම් ඔයා අද අනිවාර්යෙන්ම එන්න ඕනි.ඇය ආඩම්බරයෙන් කිවාය. පෙරදා මම ආදරය කළ නිවර්ථනාගේ හඬ මම කාලෙකට පසු ඇයගෙන් ඇසිමි.මසිතට දැනුනු සතුට කියා ගත ‍ෙනාහැකි තරම්ය.ඇය සිනිදුවට සිනහවක් පෑවාය.
මගේ ආදරේ ඇත්ත නම් අනිවාර්යෙන්ම මේ වගේ දවසක් එන්න ඔන.මම මසිතට තරවටු කරමින් තනිවම කියා දුනිමි.ඇය මගේ අසළින් සිටී.වෙනදාට මෙන් යාම‍ට අවශ්‍යතාවයක් ඇති බවක් නොපෙනේ.මම සැනසුම් සුසුම් හෙළීමි.
අපි බොහෝ විස්තර කථා කළෙමු.ඇය පෙර තත්වයට ඒමට උත්සාහ දරණ බවක් පෙනේ.ඉතින් මට සතුටුය.
සසුන් මම දෙයක් අහන්න මට ඇත්තම කියනවද?
අහන්න........ නිවර්ථනාගේ රවුම් මුහුණ දෙස බලා ගෙනම මම කීමි.
ඔයා මට තවම ආදරෙයිද?
මා මුවට හසරැල්ලක් නැඟුණි.ම්.....ම්.... මම ඔයාට ඉස්සර වගේම ආදරෙයි. ඒක වෙනස් වෙන්නෙ නෑ.මම කීමි.
නිවර්ථනාගේ දෑස් දීප්තිමත්වනු පෙනේ. උසස් පෙළ පන්තියේදී මට පෙම් කළ පෙම් කළ නිවර්ථනා දැන් මා ඉදිරියේ සිටිනා බවට මට සැකයක් නැත.
එතකොට ඔයා........ මම ඇසීමි. ඇයගේ මුවින් එවැන්නක් ඇසිමේ බොළඳ ආශාවක් මටද ඇති විය.
ඇය කල්පනා කරන්නට වූවාය...
ම්..... ආදරෙයි.ඒක ආදරයක්ද ගරුකිරීමක්ද කියලා මට හිතා ගන්න බෑ සසුන්. ඔයාට මතකද අපි මුලින්ම පිරිත් ගෙදරකදි හමු උනා.එදා ඔයා ගියාට පස්සේ ඔයා ගැන පුංචි අම්මා විස්තර කිව්වා.මට එදා ඔයා ගැන පුදුම දුකක් හිතට ආවෙ.එදා ඉඳලා මට ඔයා ලඟින් ඉන්න ඕන උනා.ඒත් ඒක ආදරයද අනුකම්පාවද කියලා මම අදත් හිතනවා සසුන්. ........ඒත් දැන් නම් මට හිතෙනවා මමත් ටිකක් හරි ඔයාට ආදරෙයි කියලා...... ඇය කීවාය. ඒ කියන්නේ නිවර්ථනා මට මෙච්චර දවසක් ආදරය කරලා නැහැ.අනුකම්පාවක්ද දක්වල ති‍ෙයන්නෙ. තනි වීමේ අපේක්ෂාව දැඬි ලෙස සිතට දැනේ.මම ඉක්මනින් ඇයගෙන් වෙන්ව බසයකට නැ ගුනෙමි.
මම බොහෝ කල්පනා කෙළෙමි.ජීවිතයේ කිසිඳා නොලැබුණු ආදරය ට මෙතරම් මා ආදරය කරද්දීත් ඇය මට දක්වා ඇත්තේ අනුකම්පාවකි. ඇයගේ සෑම වෙනස්කමක්ම දරා ගෙන ඇය ව ආරක්ෂා කරමින් දහවල් රෑ නොබලා දුක් වින්දේ මෙවැන්නක් බලාපොරොත්තුවෙන්ද? පාසැල් ජීවිතයෙන් පසු මා කළ ඉතිරියක්ද නැත.සියල්ල කැප කළේ ඇය වෙනුවෙනි.නමුත් ඇය මට කර ඇති ආදරයක් නැත. අපි ආදරය කරන්න ඕන අපිට ආදරේ කරන අයට මිසක් අපි ආදරේ කරන අයට නෙවෙයි... කවුරැන් හෝ කී දෙයක් මතකයට නැඟුණි.එය කෙතරම් සත්‍ය‍යක්දැයි මට වැටහෙන්නේ දැන්ය. මා පැතු සියලුම ප්‍රාර්ථනා දැන් සුළඟේ පාවී ගොස් ඇතැයි මට සිතේ. අවසානයේදී මම තීරණයක් ගතිමි. තවත් නිවර්ථනාට මා කරදරයක් නොවන්නට මම තීරණය කළෙමි.
සසුන් ......උඹ නිවර්ථනා මුණ ගැහෙන්න ගියේ නැද්ද? නිවාඩුවට ආ දිනෙක පහන් ඇසුවේය.වෙනදා මෙසේ කියද්දී මාසිත සතුටින් ඉපිලි යයි.මම බිම බලා හිඳිමි.
කියපන් දැන් මොකද වෙලා තියෙන්නේ.අරහෙ නිවර්ථනා අප්සෙට් එකේ ඉන්නවා.උඹ දැන් සති තුනකින් ඒකිව බලන්න ගිහින් නෑ.
ආදරේ කරපු හිතක වැරදි මගේ මිතුරාට හෝ කීමට තරම් මා පහතට වැටී නැත.නමුත් නිවර්ථනාට කථා කළ යුතුමය.පහන්ගෙන් වෙන්ව නිවසට ආ මම සුදානම් වීමි.
අපට සුපුරුදු තැන ඇය වාඩි වී උන්නාය.
ඔයා අද අමුතුයි.මොකද වෙලා තියෙන්නේ. මම හිතුවා කරදරයක්දෝ කියලා.ඇය දිගින් දිගට මට නෝක්කාඬු කියන්නීය.වෙනදා මෙවැන්නක් ඇසිමට මා ‍ෙබාහෝ ප්‍රිය කරමි. මම සුසුමකින් ළය සැහැල්ලු කර ගතිමි.
ඔයාට කරදර කරන්න මට එන්න හිතුනෙ නැහැ නිවර්ථනා..මම කීමි.
මට ඔයාව කරදරයක් නෙවෙයි.... ‍ෙමාකද වෙලා තියෙන්නෙ.මට මුකුත් තේරෙන්නෙ නැහැ. ඇය කිවේ පුදුමයට පත් වීය.
නිවර්ථනා කෙනෙක් තවත් කෙනෙක්ගෙ ජීවිතයෙ ඉන්න ඕන දෙන්නගෙම කැමැත්ත ඇතිව. එහෙම නැති උනොත් ඒක අනිත් කෙනාට කරදරයක් වෙනවා.ඔයාගෙ ජීවි‍ත් මම මෙච්චර තාලයක් හිටියෙ ඔයා මට ආදරේයි කියපු නිසා.මට ඔයා දක්වන්නෙ අනුකම්පාවක් නම් මට එතන ඉන්න ඕන නැහැ .ඒක ඔයාට කරන කරදරයක්.මම ඔයාගෙ ජීවිතේ අවුරුදු පහක් හිටියා.ඒ කාලය ඇතුලෙදි මම ඔයාව බලන්න ඇවිත්, ඔයාගෙ පස්සෙන් හැම දේකටම ඉඳලා කරපු කරදරේ මට හිතා ගන්න පුළුවන්.මට සමාවෙන්න නිවර්ථනා.ඔයා මට තියෙන අනුකම්පාවට වෙනන් ඇති ඒ හැම දේම දරා ගෙන හිටියෙ.....ඒත් මම අහන්නෙ නැහැ ඔයා මට ආදරේ කිව්වෙ ‍ෙබාරුවටද කියලා. සමහර විට එක පුංච්කාලේ කටින් වැරදිලා කියවුනු වචනයක් වෙන්න ඇති. බොහෝම ඉවසීමෙන් මම කියා ගතිමි.
එහෙම ‍ෙදයක් මම කිව්වද?ඔයා මට කරදරයක් නෙවෙයි.අනේ සසුන්.....
ඇය හඬන්නීය.
ඔයා අඬන්න එපා නිවර්ථනා.මම ඔයා වෙනස් උනු කාලෙදි ඔයාට වඩා ඇඩුවා.ඒ මගේ ආදරේ මට නැති වෙයි කියලා ‍දැනුනු දුකට.ඒත් මම දැන් අඬන්නෙ නැහැ.ඒ මොකද මම දන්නවා මට නැති වෙන්න ආදරයක් ඔයා කලේ නෑ කියලා. නැවතත් මම කීමි.නිවර්ථනා දෑස් අයා මදෙස බලා සිටී.
ඔ ...ඔ..යා මා එක්ක තරහෙන්.. කීවාය.
කවදාවත් නෑ. මම හිතුවා මගේ හැමදේම ඔයා කියලා.එත් ඒක වැදියි.මම දුක් වෙන්නෙ නැහැ කිසිම දේකට. ඔයා මාව දාල යන්න හැදුවෙ ඔයා නැති උනෙ‍ාත්මම මැරෙනවා කියපු වචනෙට නම් ආයෙ එහෙම කරන්න එපා.කෙනෙක් එහෙම කියන්නෙ ඔයාට ඇත්තටම ආදරේ නිසා.මේ සමා‍ෙජදී අපි කොච්චර බුද්ධිමත් උනත් කොච්චර උගත් උනත් ආදරය වගේ දේවල් වලදී පොතේ තියෙන දේවල් ආදේශ කර ගන්න යන්න එපා. මම ඔයා එක්ක කවදාවත් තරහ වෙන්නෙ නැහැ.ඒත්.....ඒත්....මට ආදරේ නැති කෙනෙක්ගෙ ජීවිතේ මට තව දුරටත් ඉන්න බැහැ.මම ජීවිතේ හදා ගන්නවා නිවර්ථනා.......ඔයා හොඳින් ඉන්න. බුදු සරණයි...... කී මම අවසන් වතාවට ඇය දෙස බැලීමි.
දැඬි වැහි අඳුරක් දසත පැතිර‍ෑ ඇති අහස් කුස ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට මෙන් බලා සිටියි. වැස්සකින් අහස් වියනට එක් වන පිරිසිදු පාටට ආරාධනා කරන්නාක් මෙන් වැහි බිඳු පො‍ළා් තළය සිප ගත්තා