
සෙනෙහස රැදි මුවඟට
කරැණාබර දෑසට
නුඹෙ ආදර සුවදට
ඉව කරයි මගේ සිත
දෙනෙතට උනන කදුළු
යන්නට නොදි පිටට
අසීරු වු වෑයමක
තවමත් යෙදෙමි මම
ආසයි දිව එන්න
ඔබේ තුරුලට වෙන්න
ඒත් ඔබ දුර ගිහින්
සිතා ගත නොහැකි ලෙස
නොඉල්ලමි අයිතියක්
නොරිදවමි නුඹේ සිත
සිතන්නේ කෙලෙස මා
මා නුඹේ නොවන වග
සිත නම් නොඅදහයි
නුඹේ මේ වෙන් වීම
කිසිදු වරදක් කළේ නෑ
අම්මෙ කිසි දාක
ආසයි මමත් හිනැහෙන්න
මව් පිය සෙනෙහෙ සිත පුරා විඳ ගන්න
නමුත් නොහඬා ඉදින්නමි
නුඹට දොස් නොපවරා
සහනයක් වේ නම් නුඹට
යන්නද අම්මේ මා
නුඹෙන් ඈත්ව බොහෝ දුරතට..........
ey duka hithena ewama liyanne...
ReplyDeleteමගේ ඇස් දෙකට කදුළු ආවා.ගොඩක් ලස්සන නිර්මාණයක්.
ReplyDeleteසදීපා නංගා
හිතක උපදින අවංක සිතුවිලි ෙපළ ගැස්මකට සුභ පැතුවට ඔයාට ස්තුතියි නංගි
ReplyDelete