Thursday, October 29, 2009

කිරි කදුළුවැල්.......


දෑසට පිරෙන කදුළු කැට

සඟවමින් ලෝකයට

හැඩ බලයි විශ්වයෙම

හසරැලි රඳවා

දෙකොපුල් මත.........

ඇසි පිය ගසයි සිය වරක්

නවතන්නට කදුළු ගඟ..............

ඇදව යන මුව කමල

මහා ඉකියක්

දැන් නඟයි දැන් නගයි

සිතෙයි මට.............

නුඹ සිනාසෙයි කදුළු සඟවා

ඉතින්,

නුඹේ ඹය හපන් කම්වලට

සත්තටම මනෙතට උනයි

කදුළු වැල්

යෙහෙළියන් සොයුරියන්

සියළු දෙනම

හිරුටත් හොරෙන් වැඩි,

කිරි අම්මාවරුන්ගේ දනට

ඇරයුම් ලබන්නට

වරම් නොලැබුනු දුකට

නාඩා හිදින්නට බලපන්.............

පින්වත් පුත් කුමරෙක්

වඩියි මුළු ලොවට හොරෙන්

අද හෙටම නු‍ඹෙ කුසට......


(මීට වසර 5 කට පමණ පෙර.............)

කිරි සිනා වැල්...............

සැඟවු කඳුළු වැල්

දෙ‍කොපුල් පෙරා

ගැලුයුරු දුටිමි මම

ළය ගස්සමින්

මහා මේඝයක් මෙන්

නුඹව වෙව්ලා ගිය යුරැ

බලා හිදිමි මම

ඉකි බිදිමින් නුඹ හඩයි

දරාගත නොහැකිව

හඩමින් සිනාසෙයි

ඉතින්මම සැනසීමි..........

ශේෂ වන්නට ඉඩ තියන්

ඔය හසරැලි බිදක් හෙටටත්

අවැසි වනු අැත නුඔට

වසර දහ හතරකට පසු

අදහා ගන්නටත්

නොහැකි ලෙස

නුෙඹ් පාළු කුසට

වැඩි පුත් කුමරුන් සමගින්

සිනහ නගන්නට.......

බලා හිදිනු මැන

සාර මසකින් පසුව

කිරි සිනා වැල් රැගෙන

වඩින තුරු කිරි කැටි කුමරු ........

(2009.06.08 වන දින වනවිට........)







1 comment:

  1. ඇත්තටම අක්කේ ඔයාට හොද නිර්මාණ හැකියාවක් තියෙනවා.මම ඔයාට සුභ පතනවා.
    සදීපා නංගි

    ReplyDelete